AdaDerana RSS

Friday, April 10, 2015

කුරුණෑගලදී චන්ද්‍රිකාට හූ කියයි - වීඩියෝ සහිතයි chnadrika get hooted mooted

කුරුණෑගලදී චන්ද්‍රිකාට හූ කියයි - වීඩියෝ සහිතයි 
THURSDAY, 09 APRIL 2015 - 19:01 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
    
2,891shares
346,964views
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්මේලනය අවසානයේදී අද (09) ගැටුම්කාරී තත්ත්වයක් මතුවුණා. කුරුණෑගල - මලියදේව බාලිකා විද්‍යාලයේ පැවති දිස්ත්‍රික් සම්මේලනයට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගට රැස්වීමට පැමිණි පිරිසක් විරෝධය දැක්වීමත් සමඟයි මෙම උණුසුම් තත්ත්වය ඇතිවුණේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මේලනයට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, ටී.බී.ඒකනායක, එස්.බී.නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, නිල්වලා විජේසිංහ, නෙරංජන් වික්‍රමසිංහ, තාරානාත් බස්නායක සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

උත්සවය ආරම්භක අවස්ථාවට එක්වෙමින් පොල්තෙල් පහන දැල්වීමේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගට උත්සවයට පැමිණ සිටි පිරිසක් හූ කියමින් විරෝධය පළ කළේ ඇයගේ නම ප්‍රකාශ කිරීමත් සමඟයි.

කෙසේ වෙතත්, උත්සවයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා. නමුත් උත්සවය අවසානයේදී හිටපු ජනාධිපතිනිය එම ස්ථානයෙන් පිටවී යන අවස්ථාවේ ඇයට පිරිසක් විරෝධය පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්. එම අවස්ථාවේ ඔවුන් විසුරුවා හැරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත්ද මැදිහත් වුණා. කෙසේ වෙතත්, අප වාර්තාකරු සඳහන් කළේ ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් මෙහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ප්‍රහාරයක්ද එල්ල වූ බවයි.

අනතුරුව සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළේ උත්සවයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවන වෙනත් පක්ෂයක සුළු පිරිසක් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීමට උත්සාහ දැරූ බවයි.




Comments (5)

Yminister· 16 hours ago
ජනතාව රවට්ට රවට්ට මහජන මුදල් කෝටිගානක් හොරකම් කරලා නිකං තොත්තබබාල වෙන්න හදන කම්බා හොරු ඉදිරි මහ මැතිවරනෙදි අයෙත් නොඑන්නම පන්නලා දාමු - දිනේශ්, ගම්මංපිල, වාසු, වීරසංගිලි, කැටගොඩ, මහින්දානන්ද, බන්දුල මේ සැරේ අන්ත පරාදයි මේ හොරු ගැන ලක්‍ෂ 63ක ජනතාව හොඳටම දන්නවා දැනට විශාල සහනයක් ජනතාවට ලැබිලා මේ සැරේ තමයි අවුරුදු 35 කට පස්සෙ සිංහල දමිල ජනතාව හරියට අවුරුදු කන්නෙ ඇඳුම් පැළදුම් ආහාර පාන එලවළු මිල, දුරකථන ගාස්තු, බස් ගාස්තු, තෙල්මිල අඩුවෙලා - වැටුප් වැඩිවෙලා - වෙනදාට වඩා ජනතාව අතරේ ගොඩක් මුදල් සංසරණය වෙනවා මෙන්න යහ පාළනය මේ ගැන කරකියාගත හැකි දෙයක් නැති දේශපාලන හොරු හරක් වගේ තප්පුලනවා - මහින්දගේ චක්ගෝලයො ඔක්කොම මේ සැරේ අන්ත පරාදයි - ඉදිරි මහ මැතිවරණෙදි නැවත නොඑන්නම පන්නලා දාමු පන්නලාම දාමු
1 reply · active 2 hours ago
Xvoter· 3 hours ago
හම්මේ ඉතිං සල්ලි උතුරනවා, බඩු නිකනනුත් දෙනවා. 
කවදා හරි කඩේකටවත් ගිය මනුස්සයෙක්ද ඈ? 

Yminister, මිනිස්ටර් කෙනෙක්ම වෙන්ටෑ... 
Hello· 11 hours ago
Yminister , central bank eka wanchawa mahinda geda. Yahapalanaya rata keewa. Chaurara Rajinage adum galawuna. Ekai Puttalam meeting eka giye nathe. Thamuse nika Toiyo ta kade yanne nathi wa wadak bala gannawa. Mahinda api PM karawa.
janaka· 5 hours ago
bambuwa tamai...yminister
me mage rata· 2 hours ago
ඔයාගේ වයස කියද Yminister? ඔය යුද්දේ දැකලවත් තියෙනවද ?යුද්දේ විදලා තියෙනවද ?නිකන් නොදන්න දේවල් වලට බුරන්නේ නැතුව ඉන්නවා හලෝ ....

Post a new comment

No comments:

Post a Comment