AdaDerana RSS

Sunday, August 16, 2015

http://www.sathhanda.com/2015/08/sri-lanka-courts.html?m=0

අගවිනිසුරු සහ නීතිපති හදිසි සාකච්චාවක














කිසිදු නීත්‍යානුකූලභාවයකින් තොරව නීති විරෝධීව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ශ්‍රීලනිපයේ සහ එජනිසයේ ලේකම්ධූරවලින් ඉවත්කිරීමත් ඒ සඳහා දුමින්ද දිසානායක සහ විශ්වා වර්ණපාල යන මහත්වරුන් පත්කිරීමත් ඔවුන් විසින් අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ලේකම් ධූරයන්හි කටයුතු කිරීම වළක්වමින් ඊයේ හවස ඒක පාර්ශවිකව ලබාගත් තහනම් නියෝගයත් මේවනවිට නීති ක්ෂේත්‍රය දැවැන්ත ආන්දෝලනයකට ලක්කිරීමට සමත්ව ඇත. 

සාමාන්‍යයෙන් කිසිදු විනිසුරුවරයකු නොකළ යුතු ආකාරයට මෙවැනි බරපතල තීන්දුවකට පෙර අනෙක් පාර්ශවයෙන් කිසිදු කරුණු දැක්වීමකට අවස්ථාවක් ලබා නොදී තීන්දුවක් ලබාදීමත් සාමාන්‍ය පරිදි එය උසාවියේ වැඩකටයුතු සිදුවන අවස්ථාවකදී නොව සවස්වරුවේදී තම නිළ කුටියේදී විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමත් නීති සමාජයේ පමණක් නොව විනිසුරුවරුන්ගේද බලවත් විවේචනයකට හේතුවී ඇත. 

එම නිසා අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා අද උදෑසන මෙම නඩුවේ අතුරු තහනම් නියෝගය ඇතුළත් නඩු ගොනුව තම නිල නිවසට ගෙන්වාගෙන ඇති අතර එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපති යුවන්ජන් විජේතිලක මහතාද තම නිල නිවසට කැඳවා මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කර ඇත. ඉන් අනතුරුව අග්‍රවිනිශ්චයකාර තුමන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජේෂ්ඨ සහකාර ලේකම්වරයා වන විනිසුරු පමිල රත්නායක මහතා වෙත නියෝගකර ඇත්තේ අද දින තුළ විනිසුරු හර්ෂ සේතුංග මහතාගේ පෞද්ගලික ලිපිගොනුව තමන් වෙත ඉදිරිපත් කරණ ලෙසය. දැනට අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහා ලේකම්වරයකු නොමැති අතර විනිසුරු පමිල රත්නායක මහතා ඊළඟට සිටින නිලධාරියාය.

No comments:

Post a Comment