AdaDerana RSS

Monday, August 17, 2015

මහින්දට කපන්න ගිහින් විහින් කැපුන කණ්ඩායම - අප්පච්චි මලෝ කණ්ඩායම ගෙදර

මහින්දට කපන්න ගිහින් විහින් කැපුන කණ්ඩායම - අප්පච්චි මලෝ කණ්ඩායම ගෙදර

මහින්ද රාජපක්ෂ හිතවාදීන් විසින් 'අප්පච්චි මලෝ කණ්ඩායම' ලෙස හැඳින්වූ ශ්‍රීලනිප නායකයින් ගණනාවක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්ව ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කල හිටපු ඇමති ලක්ෂ්මන් යාපා, කළුතරින් තරඟ කල මහින්ද සමරසිංහ, කුරුණෑගලින් තරඟ කල ශාන්ත බණ්ඩාර, මාතලේ නන්දිමිත්‍ර ඒකනායක, ගාල්ලේ පියසේන ගමගේ හා මොනරාගල විජිත් විජිතමුනි සොයිසා හා ජගත් පුෂ්ප කුමාර යන හිටපු අමාත්‍යවරුන් පරාජයට පත්ව ඇතැයි පැවසේ.

මහනුවරින් තරඟ කල මෛත්‍රී වාදියකු ලෙස සැලකෙන එස්.බි. දිසානායක මහතා ද මනාප ලයිස්තුවේ පහලින් සිටියි.

මහනුවර සන්ධාන මනාප ලැයිස්තුවේ දිළුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ හා අනුරාධ ජයරත්න ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.

මහින්දවාදීන්ගේ විවේචනයට ලක්වූ මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරුන් ජයග්‍රහණය කර ඇත.

මොවුනට ද මනාප නොදෙන ලෙස මහින්ද රාජපක්ෂ හිතවාදීන් තම පාක්ෂිකයින්ට දැඩි බලපෑමක් කළේය.

කෙසේවුවද, රාජපක්ෂවරුන්ගේ බලපෑම් හමුවේ මන්ත්‍රී ධුර අහිමි වූ ශ්‍රීලනිප හිටපු ඇමතිවරුන් දෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාදීමට ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ද පැවසේ.

No comments:

Post a Comment