AdaDerana RSS

Monday, August 17, 2015

east to SLMIC

නැගෙනහිරට වෙරළබඩ පරිපාලන ඒකකයක්‌ පිහිටුවිය යුතුයි - රිෂාඩ්


නැගෙනහිර පළාත සඳහා අලුතින් වෙරළබඩ පරිපාලන ඒකකයක්‌ පිහිටුවිය යුතුබවත් ඒ වෙනුවෙන් තමා මෙවර මැතිවරණයෙන් බලයට පත්වන නව රජයට සහ නව අගමැතිවරයාට බලපෑම් කරන බවත් සමස්‌ත ලංකා මහජන කොංග්‍රස්‌ නායක හා කර්මාන්ත සහ වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

නැගෙනහිර වෙරළබඩ පරිපාලන ඒකකයක්‌ අලුතින් ආරම්භ කිරීමෙන් නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාවට විශාල සහනයක්‌ ලැබෙන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාවන්ට තම පක්‍ෂය නිරතුරුවම ගරුකරන බවත් ඒ මහතා පැවසුවේ සම්මන්තුරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායකයාව සිටි අභාවප්‍රාප්ත ඒ. එච්. එම්. අෂ්රෝෆ් මහතාද මීට පෙර නැගෙනහිර පළාතේ දෙමළ කතාකරන ජනතාව සඳහා වෙනම පරිපාලන කලාපයක්‌ ඉල්ලා තිබුණා. එහෙත් මුස්‌ලිම් කොංග්‍රසයේ වර්තමාන නායකයන් එම ඉල්ලීම යටපත් කරමින් මුස්‌ලිම් ජනතාව රවටනවා යෑයි ද රීෂාඩ් බදියුදීන් මහතා මෙහිදී සඳහන් කළේය.

නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට තමන්ගේ අවශ්‍යතා සඳහා බොහෝදුරක්‌ ගෙවා දැන් අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වෙත යැමට සිදුවී ඇති බවත් ඔවුන්ගේ කටයුතු පහසුකර ගැනීම සඳහා නැගෙනහිර වෙනම පරිපාලන ඒකකයක්‌ පිහිටුවීම අත්‍යවශ්‍ය බවත් පැවැසූ ඒ මහතා මේ ගැන තමා ඉදිරියේදී බලයට පත්වන ආණ්‌ඩුවට සහ ඇමැතිවරයාට දිගින් දිගටම බලපෑම් කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.

No comments:

Post a Comment