AdaDerana RSS

Sunday, August 16, 2015

ජනාධිපති සිරිසේන මුලික අයිතිවාසිකම් කඩකළ අයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමේ අවදානමක.

මහින්ද - රනිල් රහස් කථා, ජනාධිපති සිරිසේන මුලික අයිතිවාසිකම් කඩකළ අයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමේ අවදානමක.


මෙම මහා මැතිවරණයෙන් එජාපය ලබන නියත පරාජය හමුවේ එජාප නායකත්වය ආරක්ෂා කරගැනීමේ දැවැන්ත අභියෝගය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මතුවෙමින් පවතී. ඒ අනුව අද දින දහවල මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සංවාදයක් සිදුවී ඇත. ඒ සඳහා මෙම නායකයන් දෙදෙනාම භාවිතා කර ඇත්තේ ඉතා උපායශීලී මාර්ගයක් හරහා වන අතර අතර මැදියන් හට එය කියවිය නොහැකි ආකාරයේ තාක්ෂණයක් බාවිතා වී ඇති බවත් වාර්තා වේ.

මෙම සංවාදයට අනුව සජිත් ප්‍රේමදාස මහතාගෙන් පක්ෂ නායකත්වය ආරක්ෂාකරගැනීම සඳහා වික්‍රමසිංහ මහතාට රාජපක්ෂ මහතාගේ සහය හිමිවනු ඇත. රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබාගැනීම සඳහා රාජපක්ෂ මහතාට වික්‍රමසිංහ මහතාගේ සහය හිමිවනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති පළමු කොන්දේසියක් වනුයේ කථානායක ධුරය තමන් විසින් නම්කරනු ලබන පුද්ගලයකුට හිමිවියයුතු බවයි. දෙවන කොන්දේසිය නම් පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්), රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අනෙකුත් පාර්ලිමේන්තු කාරක සභා වලට තමා විසින් නම්කරනු ලබන විපක්ෂ මන්ත්‍රීවරුන් පමණක් පත්කළ යුතු බවත් ඔවුන්ට අමාත්‍යවරුන්ට හිමි බලතල සහ වරප්‍රසාද හිමිවියයුතු බවත්ය. තුන්වන කොන්දේසිය නම් මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තුළ තම බලය දුර්වල නොකළයුතු බවය. මේ සඳහා රාජපක්ෂ මහතා වෙතින් පළවී ඇති ප්‍රතිචාර යහපත්ය.

වික්‍රමසිංහ සහ රාජපක්ෂ මහත්වරුන් මේ සාකච්චාවේදී ඇතිකරගෙන ඇති මූලික එකඟතාවයකට අනුව එජාපයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් හට පක්ෂ නායකත්වයේ අවසරයකින් තොරව කිසිදු මන්ත්‍රීවරයකු අග්‍රාමාත්‍ය පදවියට පත්කිරීම සඳහා සහය පලකිරීම හෝ දිව්රුම් පෙත්සම් ලබාදීම තහනම් වනු ඇත. මේ සඳහා වන නියෝගය දැනටමත් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා විසින් කෙටුම්පත් කර ඇති අතර එය පක්ෂ නීතියක් ලෙස ලබන 18 වන දින පැවැත්වෙන එජාපයේ හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මතවනු ඇත. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි බලය වික්‍රමසිංහ මහතා සතුව පවතින නිසා කිසිදු ගැටළුවක් මතුවන්නේද නැත. 

මීට සමාන නීතියක්ද 18 වන දින පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක කමිටුව මගින් සම්මත කිරීමට නියමිතය. නමුත් මෙහි විශේෂත්වය වනුයේ එජනිසයේ කිසිදු මන්ත්‍රීවරයකු යම් මන්ත්‍රීවරයකු අග්‍රාමාත්‍ය පදවියට පත්කිරීම සඳහා සහය පලකිරීම හෝ දිව්රුම් පෙත්සම් ලබාදීම එජනිසයේ විධායක කමිටුව මගින් අනුමත කිරීමට යටත්වියයුතු බවයි. මේ නීතිය කෙටුම්පත් කිරීම හිටපු අග විනිසුරු ජනාධිපති නීතිඥ සරත් නන්ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් සිදුකර ඇත.

වික්‍රමසිංහ සහ රාජපක්ෂ මහත්වරුන් මෙයින් වලක්වනුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ට කැමති අයෙක් නීතිවිරෝධී ලෙස අග්‍රාමාත්‍යධූරයට පත්කිරීමේ උත්සාහයයි. එසේම වික්‍රමසිංහ සහ රාජපක්ෂ මහත්වරුන් විසින් ඇතිකරගෙන ඇති තවත් එකඟතාවයක් වනුයේ ජනාධිපති සිරිසේන වටකරගෙන සිටින කිහිපදෙනෙකුගෙන් සමන්විත උග්‍ර මහින්ද සහ රනිල් විරෝධී කණ්ඩායමටත් ජනාධිපති සිරිසේනටත් පාඩමක් ලෙස හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ජනාධිපති බලතල තවදුරටත් සීමා කළයුතු බවයි. 

ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය ලබා දී ඇත. තම පවුලේ සාමාජිකයන්ගේ බලවත් විරෝධය මත වුවද, ජනාධිපති ආරක්ෂාව පිලිබඳ දශක ගණනාවක පළපුරුද්දක් ඇති ජනාධිපති ආරක්ෂක අංශය පවා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ තීරණය එම බරපතල මානසික පීඩනයේ එක් ප්‍රතිපලයකි. තතු දත් ඇතැම් තොරතුරු මුලාශ්‍රයන් හෙලිකරනුයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පුද්ගලයන් විසින් ජනාධිපතිවරයා සම්බන්ධ සියලු තොරතුරු වික්‍රමසිංහ සහ රාජපක්ෂ මහත්වරුන් වෙත නිරන්තරයෙන් වාර්තා කිරීමද මෙයට හේතුවූ බවයි. 

ජනාධිපතිවරයා විසින් කිසිදු නීත්‍යානුකූලභාවයකින් තොරව නීති විරෝධීව අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ශ්‍රීලනිපයේ සහ එජනිසයේ ලේකම්ධූරවලින් ඉවත්කිරීමත් ඒ සඳහා දුමින්ද දිසානායක සහ විශ්වා වර්ණපාල යන මහත්වරුන් පත්කිරීමත් ඔවුන් විසින් අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ලේකම් ධූරයන්හි කටයුතු කිරීම වළක්වමින් ඊයේ හවස ඒක පාර්ශවිකව ලබාගත් තහනම් නියෝගයත් මැතිවරණ කොමසාරිස් වරයා සහ ඉහල අධිකරණයන් විසින් ප්‍රතික්ෂේප කෙරෙන තත්වයක් උද්ගතවී ඇති අතර මෙම නීතිවිරෝධී නියෝගය ලබාදුන් විනිසුරු හර්ෂ සේතුංග මහතා වහාම වැඩතහනමකට ලක්කර පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවට විනිශ්චකාරවරුන් වෙතින් අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා වෙත දැඩි පීඩනයක් එල්ලවෙමින් පවතී.

ඒ අතර නීති විශාරදයන් රැසකගේ මතය වනුයේ අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් විසින් තමන්ව ධූරවලින් ඉවත් කළ අත්තනෝමතික සහ නීතිවිරෝධී ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවහොත් ඔවුන්ගේ වාසියට තීන්දුවක් ලැබීම අනිවාර්ය බවත් එහිදී ජනාධිපති සිරිසේන මුලික අයිතිවාසිකම් කඩකළ අයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් තම පදවිය රැකගැනීම සම්බන්ධ බරපතල අවදානමටක ජනාධිපති සිරිසේන අනිවාර්යයෙන්ම මුහුණදෙන බවත්ය. 19 වන ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය හැකිය.

No comments:

Post a Comment