AdaDerana RSS

Tuesday, August 18, 2015

මහින්ද එළිමහන් සිරකරුවෙක් බවට පත් වෙලා. කිසිවෙකුට ඔහුගේ ගමට ඇතුලු වෙන්නට ඉඩ දෙන්නේ නෑ...
(Colombo 9 , 2015.අගෝ.17, පෙ.ව. 07.15) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට මැදමුලන සිය මහ ගෙදර සිටියි. මැදමුලනට ප්‍රවේශ වන මාර්ග සියල්ලම විශේෂ කාර්ය බලකාය යොදාගෙන වසා දමා ඇත.
වීරකැටිය මිද්දෙනිය මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර , කොළඹ කැරළි මර්ධන ඒකකයේ ජල ප්‍රහාර බවුසර් 6 ක් එම මර්ගය මැදමුලනට ප්‍රවේශ වන තැන් වල ස්ථාන ගත කර ඇත.
ඊට අමතරව රලුව, මරකඩ, අත්තනායල, පල්ලෙමුලන, අබකොලවැව, කුඩාබිබුල යන ස්ථාන වල විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා ඇති බව අපට වාර්තා වෙයි.
නිල වශයෙන් ඇඳිරි නීතිය ප්‍රකාශ කර නැතත්, මැදමුලන ගමේ විදුලිය කපා දමා ඇත. ඊට අමතරව අධිබල ජෑමර් මගින් එහි ජංගම දුරකථන ක්‍රියාකිරීමත් නවත්වා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනෙන් පිට වීමට උත්සාහ දරා නැති වුණත් ඔහුගේ ආරක්ශකයින් දෙදෙනෙක් සිය ජීප් රථයකින් තංගල්ල නිවසට යාමට හදද්දී මැදමුලන හංදියට ආසන්නයේ සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව ආපසු හරවා යවා ඇත.
මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිමහන් සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.
මහමැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම උදෑසන 3 ත් පසුවීමට ඉඩ ඇති බව මේ අතර වාර්තා වෙයි.


No comments:

Post a Comment