AdaDerana RSS

Tuesday, August 18, 2015

මෙවන් අපහාස විඳින්නට ඔබ කල වරද නම් තිස් වසරක යුද්ධය නිමා කිරීමය...කවුරුන් කෙසේ කීවද ඉතිහාසයේ රට එක්සේසත් කල මහ රජුන්ද,නිදහසින් පසු රට එක කොඩියක් යටතට ගත් ඔබ ගැන ඇත්තේ අපරිමිත ගෞරවයකි.....
මගේ ජීවිත කාලයේ ජනපතිවරුන් තිදෙනෙකු මා දැක ඇත.පෙර ජනපතිවරුන් ගැන අසා ඇත.මා උපන් මාතෘභූමිය ත්‍රස්තවාදීන්ට ලියා බෙදා දුන් නායකයන්,තරුණ ජීවිත බිලිගත් නායකයන්,අසල්වැසි රාජ්‍ය බලය හමුවේ දණ ගැසූ නායකයන් සිටි රටක ඔබ වැනි නායකයෙකුට මගේ පරමාධිපත්‍යය බලය දෙවරක් ලබා දීමට හැකිවීම මා ලද භාග්‍යයකි.පංචදුශ්චරිතයම ජීවිතය කරගත් පිට කොඳු බිඳගත් රූකඩ නායකයින්ට වඩා ඔබ මට දහස් වාරයක් අගේය.ඒ මා සන්ධාන පාක්ෂිකයෙක් නිසා නොව,හිතක් ඇති මනුෂ්‍යයෙක් වන නිසාය.කවුරුන් කුමක් කීවද මා අද නිදහසේ හුස්ම ගන්නේ ඔබ නිසාය..එය සදා හිත තුල රැඳී පවතිනු ඇත.පුරා දස වසරක් මගේ රට ජයග්‍රහණය කරවූ මහින්ද රාජපක්ෂ මහතාණෙනි,ඔබට දීර්ඝායු වේවා...

No comments:

Post a Comment