AdaDerana RSS

Monday, August 17, 2015

ජවිපෙ ජාතික ලයිස්තුවේ බහුතරය එජාප පිරිස්, එක් අයෙක් CIA එකට සම්බන්ධයි - සෝමවංස


ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඉහලින්ම සිටින තිදෙනා සෘජු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූවන් බවත් ඒ අනුව වත්මන් නායකයාගේ ක්‍රියාකලාපය පැහැදිලි බවත් ජනතා සේවක පක්ෂයේ ලේකම් හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සදහන් කර සිටී.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේ මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ අධිකරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට අනුව නැටවෙන රූකඩයක් බවට පත්ව ඇති බවයි.

ඒ සදහා උදාරහණ ඕනෑ තරම් පවතින අතර එහි කදිම උදාරණයක් මෙවර මහ මැතිවරණයට ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති ජාතික ලැයිස්තුවෙන් පෙන්වා දියහැකි බවද සදහන් කොට සිටියේය. ජවිපෙ ජාතික ලැයිස්තුවේ දෙවැනි නම වන නීතීඥ අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ඇමරිකානු සී.අයි.ඒ.ආයතනයේ ලංකාවේ නියෝජිතයෙකු බවත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නොපෙනෙන තලයේ නිලධාරියෙකු බවත් සදහන් කොට සිටියේය.

මේ එක් උදාරණයක් පමණක් වන අතර මෙහි ජවිපෙ ක්‍රියාකාරීන් ඇත්තේ එක් අයෙකු පමණක් බවත් ඔහු ජානක අධිකාරී නම් වනබවත් ඔහු සදහන් කොට සිටියේය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණෙහි පැරණි සගයන්ට මෙම පක්ෂය පිළිබද නැවත සිතා බැලීමේ කාලය පැමිණ ඇති බවත් තමා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණට පැරණි වාම අදහස් සහිත යැයි සිතා එක් ඡන්දයක් හෝ භාවිතා නොකරන ලෙස බවත් ඔහු සදහන් කොට සිටියේය.

No comments:

Post a Comment