AdaDerana RSS

Friday, September 4, 2015

chandrika a nempho maniak

ශ්‍රී .ල .නි .ප තුල චන්ද්‍රිකාගේ හැසිරීම


01. ශ්‍රී .ල .නි .පයේ අසහාය නායිකාව වූ පාක්‍ෂිකයන්ගේ අම්මාවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට රදළ අම්මණ්ඩි යනුවෙන් අපහාස කිරීම (සැමියා වූ විජයගේ කීමට )

02. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග පක්ෂය ආරක්ෂා කල පක්ෂයට ලැබදී නායකයින් රදළ අම්මණ්ඩිගේ කල්ලිය ලෙස නම්කර අපහාස කිරීම .

03. 1989 තීරණාත්මක ඡන්දයේදී ජයග්‍රහණය පෙනි පෙනී සිරිමාවෝ මැතිණිය පරාජය කිරීම සදහා විජය -චන්ද්‍රිකා ගේ බළල් අත වූ ඔසී අබේගුණසේකර යොදවා ජයග්‍රහණය ප්‍රේමදාසට පුජා කිරීම .

04.  ශ්‍රී .ල .නි .පයේ ආදරණිය මිනිසා වූ අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ දේශපාලන ජීවිතය සම්පුරණයෙන් විනාශ කිරීම.

05.වසර 17 පරාජය විජයග්‍රහණයක් බවට පත් කල පාද යාත්‍රාව විනාශ කිරීම සදහා මංගල සමග මාතර නගරයේදී කුමන්ත්‍රණ කාරීව හැසිරීම .

06. විජය කුමාරතුංගගේ ( සැමියා) රට බෙදා විනාශ කිරීමේ පෙඩරල් උවමනාව ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග රටත් පක්ෂයත් ආරක්ෂා කිරීමේ වරදට පහත දේශපාලන නායකයින්ගේ දේශපාලන ජීවිතය විනාශ කිරීම
  • හේමකුමාර නානායක්කාර මහතා
  • හලීම් ඉෂාක් මහතා
  • වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා
  • ප්‍රදීප් හපන්ගම මහතා
  • සරත් කෝන්ගහගේ මහතා
07.  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආදරය දිනා ගනිමින් එතුමිය සමග ඉතා සමීපව කටයුතු කිරීම ගැන ඉරිසියාව හා ක්‍රෝධය ඇතිවීම නිසා පහත අයගේ දේශපාලන ජීවිතය විනාශ කිරීම
  • අග්‍රාමාත්‍ය ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා
  • අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් කිර්ති මාවැල්ලගේ මහතා
08.1994 ජයග්‍රහණයෙදී මැතිණිය ආරක්ෂා කල වරදට නිසි ඇමැතිධුරයක් නොදී නොසලකා හැරි කණ්ඩායම
  • මහින්ද රාජපක්ෂ මහතා
  • අමරසිරි දොඩන්ගොඩ මහතා
  • ලක්ෂ්මන් ජයකොඩි මහතා
  • ධර්මසිරි සේනානායක මහතා
  • මෛත‍්‍රීපාල සිරිසේන මහතා
09. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා තිබු පෞද්ගලික මිතුරුකම හේතුවෙන් අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිණිය විසින් ත්‍රීකුණාමල දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .කේ .ඩි .එස් ගුණවර්ධන මැතිතුමාගේ නමින් ශ්‍රී .ල .නි .ප යට ලබා දුන් මුද්‍රණාලය විකුණාගෙන කෑම

10 .තීරණාත්මක මොහොතකදී ශ්‍රී .ල .නි .ප ලේකම් ධුරය තෝරද්දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ ආශීර්වාදය සමග ඉදිරිපත්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා පරාජය කර එම ලේකම් ධූරය එස් .බි .දිසානායක මහතාට ලබා දීමට කටයුතු කිරීම

11. 2004 ශ්‍රී .ල .නි .ප සහ ජ .වි .පෙ ගිවිසුම තුලින් ශ්‍රී .ල .නි .ප මන්ත්‍රී දුර 60 ආසන්න ප්‍රමාණයකට සිමා කිරීම.

12. 2005 ජනාධිපතිවරණ මැතිවරණයේදී කල හැකි සියලුම බලුකම් ,කුපාඩිකම් හා අමනකම් කරමින් ශ්‍රී .ල .නි .ප ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාව පරාජයට පත් කිරීමට තැත් කිරීම

13. 2015 .01.08 වන විට සියලු ජයග්‍රහණ දිනා සිටි (පළාත් පාලන ආයතන 90%ක් ,පළාත් සබා 09 න් 08ක් ,පාර්ලිමේන්තුවේ 3න් 2ක් ) ශ්‍රී .ල .නි .ප ය විපක්ෂයට යවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයවත් නොතිබූ රනිල් අගමැති බවට පත් කිරීමට කටයුතු කිරීම.

තාත්තා හදපු….. අම්මා රැකපු ….මල්ලි දහඩිය හෙළු ……. අපේ ශ්‍රී .ල .නි .ප යට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කලේ මෙසේය …….

චන්ද්‍රිකා පක්ෂය රැක්කාද ? වික්කාද ? තීරණය ඔබ සතුය පාක්ෂිකයිනි …….

ප .ලි – මෙම තත්වය මැනවින් වාටහ ගෙන සිටි පක්ෂයේ අම්මාවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට අත්තනගල්ලෙන් හෝ ගම්පහෙන් පක්ෂ සාමාජිකත්වය නොදුන් බවත් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේ ගාල්ල දිස්ත්‍රිකයේ රත්ගම ආසනයෙන් බවත් එවකට රත්ගම ආසන සංවිධායක වුයේ වෛද්‍ය ජයසිරි මෙන්ඩිස් මහතා බවත් චන්ද්‍රිකාගේ ජයග්‍රහණයෙන් පසුව ඇය කල පළමු කාර්යයක් වුයේ වෛද්‍ය ජයසිරි මෙන්ඩිස් මහතාගේ ආසන සංවිධායක ධුරය නැති කර ඔහුගේ දේශපාලන ජීවිතය විනාශ කිරීම බවත් අදට අවසාන වශයෙන් සදහන් කරන්නෙමු …..

No comments:

Post a Comment