AdaDerana RSS

Wednesday, September 2, 2015

ඇමැති පට්ටම් ලැයිස්තුව මෙන්න

දැනට වෙන්වුණු ඇමැති පට්ටම් ලැයිස්තුව මෙන්න


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව මේ වනවිට ජාතික ආණ්ඩුවක් සදහා වන පිඹුරුපත් සකස් කොට අවසන් අතර මේ වන විට එම ආණ්ඩුවෙහි ඇමැතිධුරයන් සදහා වන නාම ලැයිස්තුන්ද යම් ප්‍රමාණයකින් නිම වෙමින් පවතී.

කෙසේ නමුත් මේ වනවිටත් පත්කිරිමට නියමිත ඇමති ධුර හා සංශෝධනය විය යුතු ඇමැති ධුරයන්ද ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටී.
මේ වනවිට සකස් කොට ඇති ඇමැති ලැයිස්තුව පහත පරිදි වේ.

01. මංගල සමරවිර - විදෙස් කටයුතු - (දිවුරුම්දී අවසන්ව ඇත.)
02. විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය (දිවුරුම් දී අවසන්ව ඇත.)
03.ඞී.එම්.සුමන්තිරන් නැවත පදිංචි කිරීම්,සංහිදියා හා හින්දු ආගමික කටයුතු පිළිඹද අමාත්‍ය - (දිවුරුම්දී අවසන්ව ඇත.)
04.අගමැති රනිල් වික‍්‍රමසිංහ - ආර්ථික ප‍්‍රතිපත්ති,හා රටෙන් පරිබාහිර සම්පත්
05.රවී කරුණානායක - ආර්ථික කටයුතු භාණ්ඩාගාරය,රේගුව,සුරාබදු දෙපාර්තමෙන්තුව,දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව අයත්ව
06.කබීර් හෂීම් -ජාතික ව්‍යෘපාර සංවර්ධන මැයෙන් නව අමාත්‍යධූරයක් - රාජ්‍ය බැංකු,ශී‍්‍රලන්කන් ගුවන්සේවය,මිහින් ලංකා ගුවන්සේවය,පැළවත්ත හා සෙවණගල සීනි සමාගම්,ලිට්රෝ ගෑස් සමාගම යනාදී ආයතන අයත්වේ.
07. පාඨලී චම්පික රණවක - බස්නාහිර පළාත් විසල් නගර (මෙට‍්‍රාපොලිස්) හා නාගරික සංවර්ධන,බස්නාහිර පළාත් විසල් නගර මැයෙන් නව අධිකාරියක් පිහිටුවීමට කෙටුම්පතක් ඉදිරිපත්කිරීමට නියමිතය.
08. රවුෆ් හකීම් - නගර සංවර්ධන හා ජලසම්පත් කළමනාකාර

09. මලික් සමරවික‍්‍රම - අන්තර්ජාතික වෙළදාම් හා ආයෝජන ප‍්‍රවර්ධන

10. සජිත් පේ‍්‍රමදාස - නිවාස

11 රාජිත සේනාරත්න - සෞඛ්‍යය

12. රංජිත් මද්දුමබණ්ඩාර - මහජන පරිපාලන කටයුතු

13 තිලක් මාරපන - නීතිය හා සාමය

14. එම්.කේ.ඞී.එස්.ගුණවර්ධන - බෞද්ධ කටයුතු

15. අර්ජුන රණතුංග - වරාය

16 . චාන්දනී බණ්ඩාර - වනිතා කටයුතු

17. ලක්ෂ්මන් කිරිඇල්ල - අධිවේගී මාර්ග

18. ගයන්ත කරුණාතිලක - සංචාරක කටයුතු

19.අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

20. නවීන් දිසානායක - වැවිලි කර්මාන්ත

21. ජෝන් අමරතුංග - ස්වදේශ කටයුතු

22. සාගල රත්නායක - ජනමාධ්‍යය./ අගමැති ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍යධූරයක්ද වෙන්වී ඇත
(සාගර රත්නානයකට සම්බන්ධ සමීප ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ ජනාමාධ්‍ය අමාත්‍යංශය ඔහුගෙන් සංශෝධනය වීමට ඉඩ ඇති බවයි)

23. හරීන් ප‍්‍රනාන්දු - සන්නිවේදන

24. තලතා අතුකෝරල - විදේශ රැකියා

25. වජිර අබේවර්ධන - රාජ්‍ය හා පළාත් පාලන

26. රිශාඞ් බදුර්දීන් - ආර්ථික හා කර්මාන්ත

27. පලනි දිගම්බරම් - රාජ්‍ය සම්පත්

28. එම්.එච්.ඒ.හලීම් - තැපැල්

29. පී.හැරිසන් අමාත්‍යධූර වෙන්වී ඇතත් මේ වන තෙක් එය ප්‍රකාශ වි නොමැත.

30.මනෝ ගනේෂන්ටද අමාත්‍යධූර වෙන්වී ඇතත් එය ප්‍රකාශ වි නොමැත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන් වූ අමාත්‍ය ධුරයන් මෙසේය .

31. නිමල් සිරිපාල ද සිල්වා - ගුවන් හා අභ්‍යන්තර ප‍්‍රවාහන - (ලංගමය,දුම්රිය සේවය,පෞද්ගලික බස් සේවය යනාදිය අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍යංශය)

32. ජෝන් සෙනෙවිරත්න - සමාජ සංවර්ධන, (සමෘද්ධි අමාත්‍යංශය,සමාජ සංවර්ධන අමාත්‍යංශය ලෙස වෙනස් කිරීම සිදුවනු ඇත.)

33. සුසිල් පේ‍්‍රමජයන්ත - ඛනිජ තෙල්

34. දුමින්ද දිසානායක - කෘෂිකර්ම

35. මහින්ද අමරවීර - ධීවර කටයුතු

36. සරත් අමුණුගම - උසස් අධ්‍යාපනය

37. මහින්ද සමරසිංහ - කම්කරු කටයුතු

38. ඩිලාන් පෙරේරා - කී‍්‍රඩා

පාර්ලිමෙන්තු කටයුතු,ආපදා කළමනාකරණ, යන අමාත්‍යංශන්ද වෙන්වී ඇති බව සඳහන් වන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයටය.අනුර පි‍්‍රයදර්ශන යාපා,හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් සදහා අමාත්‍යධූර ලැබීමට නියමිතය.
පක්ෂයේ සභාපති ජනපති සිරිසේන යටතේ පරිසර,මහවැලි, හා ආරක්ෂක යන අමාත්‍යංශ 3 පවතී.මෙම අමාත්‍යංශ ජනපතිවරයා යටතට පත් කෙරුණේ 19 ඒ ව්‍යවස්වස්ථා සංශෝධනයෙනි.

No comments:

Post a Comment