AdaDerana RSS

Sunday, January 11, 2015

මෛත්‍රීපාල ශ්‍රීලනිප සභාපති වුණා, නිමල් සිරිපාල මෛත්‍රී ගාවට පැන්නා ආදී පච වලට නොරැවටෙන්න. මෙන්න වීඩියෝව. බෙදා හරින්න.

මෛත්‍රීපාල ශ්‍රීලනිප සභාපති වුණා, නිමල් සිරිපාල මෛත්‍රී ගාවට පැන්නා ආදී පච වලට නොරැවටෙන්න. මෙන්න වීඩියෝව. බෙදා හරින්න.
මහින්ද මහතාට තාමත් ආදරේ කරන මිත්‍රවරුණි, ඉදිරියේදී කිසිදු ජනමාධ්‍යයක් විශ්වාස කරන්න එපා. මටත් පුද්ගලික වැඩ නිසා දිගින් දිගටම මෙහෙම වීඩියෝ දාන්න බැරි වේවි. එනිසා සත්‍යය කුමක්දැයි තෝරා ගැනීම ඔබටම බාරයි.
උදාහරණ ලෙස මේ සිරස නිවුස් එකේදිත් මහින්ද රාජපක්ෂ මහතාගේ වොයිස් කට් එක දැම්මේ නෑ. මහින්ද මහතා ගැන ඔවුන් අප්‍රමාණ බියෙකිනුයි ඔවුන් සිටින්නේ.
එනිසා එතුමාගේ චරිතය ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ ගනීවි. එතුමාව යුධ අපරාධ අධිකරණයකට බාර දීමට පවා ඔවුන් පසුබට වෙන එකක් නෑ. ජනමාධ්‍ය වල යන දෑ බුද්ධිමත්ව විමසා බලා තීරණය කරන්න.
කවුරු මොනවා කිව්වත් ඒ සිංහලයින්ටම කියලා ඉතිරි වී සිටින එකම දේශපාලන නායකයා කියල අමතක කරන්න එපා. ඒ වගේම පහුගිය කාලේ මහින්ද මහතාගේ සර්වාගමික චින්තනය ගැන කණගාටුවෙන් ඉන්න අයටයි මේ කියන්නේ, මහින්ද මහතා අපි කියපු දේවල් දැන් අවබෝධ කරගෙන ඇති.
මම හිතනවා ඉදිරියේදී CSN චැනල් එක අපිට පුවත් සඳහාත් භාවිතා කළ හැකි වේවි කියලා. මේ දින 100 අපි ඉවසමු.

No comments:

Post a Comment