AdaDerana RSS

Showing posts with label SINHALAYA MODAYA. Show all posts
Showing posts with label SINHALAYA MODAYA. Show all posts

Friday, August 21, 2015

SINHALAYA MODAYA


මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා - අපි ජාතික ආණ්ඩුවකට විරුද්ධයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පිරිසක් සාකච්ඡාවක් පවත්වා තිබේ.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී මෙම හමුව පැවති බවයි.

මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වී සිටි බව හෙතෙම කියා සිටියේය.

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් වූ බව ඔහු පැවසුවේය.

ජාතික ආණ්ඩුවකට රැස්ව සිටි මන්ත්‍රීවරුන්ගේ විරුද්ධත්වය පළ වූ බවද වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම සාකච්ඡාවට සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා සහභාගි නොවූ බවද ඔහු පැවසුවේය.