AdaDerana RSS

Showing posts with label ලංකාව ප්‍රාන්ත 3 කට හෝ 5 කට බෙදා උපරිම බලය බෙදීමක් ඕනේ - විපක්ෂ නායක. Show all posts
Showing posts with label ලංකාව ප්‍රාන්ත 3 කට හෝ 5 කට බෙදා උපරිම බලය බෙදීමක් ඕනේ - විපක්ෂ නායක. Show all posts

Friday, September 4, 2015

ලංකාව ප්‍රාන්ත 3 කට හෝ 5 කට බෙදා උපරිම බලය බෙදීමක් ඕනේ - විපක්ෂ නායක

ලංකාව ප්‍රාන්ත 3 කට හෝ 5 කට බෙදා උපරිම බලය බෙදීමක් ඕනේ - විපක්ෂ නායක

දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය සේම ඔවුන්ගේ සෙසු ප්‍රශ්න විසඳීමටද විපක්‍ෂ නායක ධුරය යොදා ගන්නා බව විපක්‍ෂ නායක ධුරයට පත් වූ ආර්.සම්බන්දන් සිය මංගල කතාව කරමින් ඊයේ පාර්ලිමේන්තුවේදී කීවේය. ඉන්දියාවේ පාලන ක්‍රමය සේ මෙරට ද ප්‍රාන්ත කිහිපයකට බෙදා උපරිම පාලන බලයක්‌ එක රටක්‌ තුළ එම ප්‍රාන්තවලට ලබාදිය යුතු බව ද හෙතෙම කීවේය.

ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද කොටස්‌ තුනකට හෝ පහකට බෙදා ඒවායේ ජීවත්වන ජනතාවගේ ජාතික ආගමික හා භාෂාමය අනන්‍යතාව රැකෙන සේ උපරිම පාලන බලයක්‌ ලබාදී කටයුතු කළහොත් මෙම විසඳුම් සෙවිය හැකි බව ද හෙතෙම කීවේය. ජාතික ආණ්‌ඩු සංකල්පය හොඳ වුවත් ඇමැති තනතුරු වැඩි කිරීම පිළිගත නොහැකි බව ද කී විපක්‍ෂ නායකවරයා ඇමැති ධුර වැඩි කිරීම රටට බරක්‌ බව ද කීවේය.